හිටපු අමාත්‍ය රාජිතට එරෙහිව අධි චෝදනා ගොනු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

හිටපු අමාත්‍ය රාජිතට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පැවති සුදු වෑණ් මාධ්‍ය සාකච්ඡාවට අදාලව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි මහතාට එරෙහිව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
රාජිත සේනාරත්න මහතා සහ මොහමඩ් රූමි මහතා අද මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. ඒ අනුව එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරිණි.

මිට අමතරව ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දෙන්නැයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙම නඩුව සැප්තැම්බර් 22 වැනිදා නැවත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad