එජාපය සජිත්ට විකිණීමට කරූ කුමන්ත‍්‍රණයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

එජාපය සජිත්ට විකිණීමට කරූ කුමන්ත‍්‍රණයක

හිටපු කථානායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ට විකිණීමේ කුමන්ත්‍රණයක නිරත සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

කරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයට එක්වන ලෙස කරන ආරාධනා අනුව ඒ බව පෙනී යන බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙක් සමඟ එවකට පැවැති ආණ්ඩුවට එක්වූ බවත් එවන් පුද්ගලයකු පක්ෂ යාවජීව සාමාජිකයෙකු යැයි ප්‍රකාශ කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ට එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමට නීත්‍යානුකූලව නොහැකි නිසා කුමන්ත්‍රණ මගින් බලය ඇල්ලීමේ සූදානමක් ඇති බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂ විනාශ කිරීමට කිසි ලෙසකින් ඉඩ නොතබන බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad