ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරයි

මෙරටට විදේශයන්ගෙන් ඇඟලුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක‍්‍රලේඛයක් මගින් මෙන්ම තහනම පනවා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.


අද ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආනයන සීමා කර ඇති බවත් එනිසා දේශීයත්වය මුල්කරගත් නිෂ්පාදන ක්‍රියාවලියකට යා යුතුව ඇති බවත් ඔහු පැවසීය.

එසේ කළහොත් මෙම අර්බුදයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ගැලවිය හැකි බවද ඔහු කීය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad