මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (31) ඇප මත නිදහස් කර තිබේ.
අධිකරණය මගහැර සිටි අනුරුද්ධ සම්පායෝ මෙම මස 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සම්පායෝ ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර ඔහු ඇතුලු සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ජූලි 22 වැනිදාය.ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණය වෙත භාර වී තිබු අතර අධිකරණය විසින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
Monday, August 31, 2020
Negombo SP Sampayo and 3 prison officers granted bail
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment