බලපත්‍රයක් නොමැතිව තේ වත්තේ මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

බලපත්‍රයක් නොමැතිව තේ වත්තේ මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට



බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් (30) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ පිරිසක් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


තේ වත්තේ තේ පදුරු ගලවා මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගෙන එම මැණික් ඉල්ලම් සහිත පස් සැකකරුවන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සෝදමින් සිටි බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.


සැකකරුවන් සමග මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් පස් තොගයක්ද  අත්අඩංගුවට ගත් බවත් , අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.






No comments:

Post a Comment

Post Bottom Ad