ජාතික ලයිස්තුවට දෙමල සන්ධානයත් පුපුරා යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 9, 2020

ජාතික ලයිස්තුවට දෙමල සන්ධානයත් පුපුරා යයි

මෙවර මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය බෙදා ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය තුල දැඩි මත ගැටුම් ඇති වී තිබේ.

දැනට එම පක්ෂය ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා ලෙස තවරාසා කලෙයි අරසන් නම් කර ඇත.

මෙම තීරණයට එම සන්ධානයේ හවුල්කාර පක්ෂ ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් තුරෙයිරාජසිංහම් මහතා මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ තම ජාතික ලයිස්තු නියෝජනය තහවුරු කිරීම සඳහා තවරාසා කලෙයි අරසන් මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමු කළ බවයි.

මේ අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක සිවඥානම් ඇතුළු පිරිසක් තීරණය කර ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය මෙවර මැතිවරණයෙන් පරාජය වූ පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාද ලබාදිය යුතු බවයි.

මේ හේතුවෙන් දෙමළ ජාතික සංධානය බිඳී යාම දක්වාම විරසකයක් ඇති වි තිබෙන බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad