අපිට නං නායකත්වය ගැන කිසිම අර්බුදයක් නෑ - වජිර අබේවර්ධන - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 31, 2020

අපිට නං නායකත්වය ගැන කිසිම අර්බුදයක් නෑ - වජිර අබේවර්ධන

සමගි ජන බලවේගය සිරිකොතෙ අල්ලා ගැනීම යනු සමසමාජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අල්ලා ගැනීමට කරන උත්සහයක් වැනි කළ නොහැකි කාර්යයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඊළඟ පරම්පරාවට භාරදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඒ මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය පිළිබඳ කිසිදු අර්බුදයක් නොමැති බවත් අදාළ නායකත්වය ඉදිරියේදී පත් කර ගන්නා බව ඊයේ (30) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කීවේය.

යම් පුරප්පාඩුවක් පැමිණි විට ඊට සුදුසුකම් සහිත අය ඉල්ලුම් කිරීම සාමාන්‍ය කරුණක් වන නමුත් එය නායකත්වය සඳහා වන අර්බුදයක් නොවන බව කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරි සතිය තුළ බොහෝ විට ඊට විසඳුමක් හිමිවනු ඇතැයිද ප්‍රකාශ කළේය.

බිම් මට්ටම ශක්තිමත් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂය ගත යුත්තේ කුමන පැත්තක්ද යන්න යළි සිතා බැලිය යුතුව ඇති බව කී ඒ මහතා පොදු ජනතාවගේ පැත්ත ගන්නේ නම් පක්ෂය යළි ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් බවට පත් කළ හැකි යැයිද සඳහන් කළේය.

නුවර නදීක දයා බණ්ඩාර


No comments:

Post a Comment

Post Bottom Ad