Dullas Alahapperuma - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 31, 2020

Dullas Alahapperuma

ජාතික විදුලිබල පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කර විදුලි මාෆියාව දුරු කිරීමට ඉන්ජිනේරු සහ ඩීසල් මාෆියාව වගකිවයුතු යැයි පාර්ශ්ව ගණනාවක් චෝදනා කළද සැබෑ විදුලි මාෆියාව ක්‍රියාත්මක කරනුයේ දියවන්නාවේ සිට බව වගකීමෙන් යුතුව පවසනවා යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මන ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

දියවන්නාවේ පිරිසක් දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරන විදුලි මාෆියාව හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ජාතික විදුලි ජනන සැලැස්මක් සැකසීමට නොහැකි වී ඇති බවත් ඒ නිසාම කල් පවතින ස්ථිරසාර විසඳුමක් විදුලිබල ක්ෂේත්‍රය තුළ ගොඩනැඟීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad