කාති උසාවි අහෝසි කරන්නැයි මුස්ලිම් කතක් ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

කාති උසාවි අහෝසි කරන්නැයි මුස්ලිම් කතක් ජනපතිගෙන් ඉල්ලයි

කාති උසාවිය තමන්ට අසාධාරණයක් කළා යයි පවසමින් මාලිගා කන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ දිනයේ (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. තමන් අබාධිත දරුවකු බිහි කළ බව පවසමින් සිය සැමියා තමන්ට එරෙහිව දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවත් ගොනුකළ නඩුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බවත් පවසමින් ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇය තම දරුවාද රැගෙන පැමිණ එම කරුණ පිලිබඳ පැමිණිල්ල ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇත.

වැඩිදුරත් අදහස් දැක්වූ නෝනා නජීමා පැවසුවේ “අද මම ආවේ ජනාධිපතිට ලියුමක් දීලා යළිත් එකම රටක් එකම නීතියක් යටතේ, සමත්ථ මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කරන ඉල්ලීමක්, අපිට කාති උසාවිය නම් එපා“ ලෙසයි.

-අරුණ


No comments:

Post a Comment

Post Bottom Ad