සාමාන්‍ය පෙළ විභාගය 18 වනදා සිට 28 වනදා දක්වා - පාසල් නිවාඩුව දින 11යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

සාමාන්‍ය පෙළ විභාගය 18 වනදා සිට 28 වනදා දක්වා - පාසල් නිවාඩුව දින 11යි

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.


අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය නිර්දේශ අනුව මෙම තීරණයට එළඹුනු බවයි.


කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලන කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස නියමිත පරිදි විභාගය පැවැත්වීමට බාධා එල්ලවූ අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.


එමෙන්ම තුන්වන පාසල් වාරය දෙසැම්බර් 24 වනදායින් අවසන් වන අතර, ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad