'හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා.'- පා.ම විග්නේෂ්වරන් [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

'හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා.'- පා.ම විග්නේෂ්වරන් [Video]


එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

තමන්ගේ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට බැසීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

2019 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බවටද ඔහු චෝදනා කරයි.

දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සදහන් කළේය.

දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

දෙරණ නාලිකාව සමගින් අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad