19 කොටස් තියාගත යුතු බව ශ‍්‍රීලනිපය කියයි.. ඡන්දය දීමට තීරණයක් මෙතෙක් නෑ.. උකුසු ප‍්‍රහාරය සූදානම්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 24, 2020

19 කොටස් තියාගත යුතු බව ශ‍්‍රීලනිපය කියයි.. ඡන්දය දීමට තීරණයක් මෙතෙක් නෑ.. උකුසු ප‍්‍රහාරය සූදානම්ද?

පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති විසි වන සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ එම සංශෝධනය ඇති ගුණ අගුණ ගැන සාකච්චා කර අවසානයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ පක්ෂයක් ලෙස සාකච්ඡා කර එම සංශෝධනය ගැන විග්‍රහයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.

මෙම කෙටුම්පත මගින් 19 වැනි සංශෝධනය ඇති දුර්වලතා ඉවත් කර එහි සාධනීය තත්ත්වය ඉදිරියට ගෙන යා යුතු බවත් 19 සංශෝධනයේ ඇති ඇතැම් ස්වාධීන කොමිෂන් සභා වල තාක්ෂණික ගැටලු වඩාත් නිවැරදි කර ගැනීමෙන් සංශෝධනය ගෙන අා යුතු බවත් ඔහු කියා සිටී. 


No comments:

Post a Comment

Post Bottom Ad