20 අඩුපාඩු පෙන්වූ මන්ත‍්‍රී දොලවත්තගෙන් පොහොට්ටුව නිදහසට කරුණු අහයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 10, 2020

20 අඩුපාඩු පෙන්වූ මන්ත‍්‍රී දොලවත්තගෙන් පොහොට්ටුව නිදහසට කරුණු අහයි

ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්දියට පත්කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුල ඇති අඩුපාඩු ගැන අදහස් පල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ගෙන් කරුණු විමසීමට එම පක්ෂය තීරණය කර ඇත.

එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් ප්‍රේමනාත් සී දොලවත්ත මහතා වෙත ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ලිපියක්ද යවා තිබේ.

රටේ ඒකීය භාවය සුරකින බවට වූ වගන්තිය නව සංශෝධනයට ඇතුළු නොවීම ගැන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

ඒ සදහා නව සංශෝධන එක් කළ යුතු බවද දොලවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad