තෙල් නැව බේරා ගත්තාට ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 700 ක ත්‍යාග මුදල සිංගප්පුරු සමාගමක් ඩැහැ ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 10, 2020

තෙල් නැව බේරා ගත්තාට ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 700 ක ත්‍යාග මුදල සිංගප්පුරු සමාගමක් ඩැහැ ගනී

නිව් ඩයමන්ඞ් නෞකාව ගලවා ගැනීමට මැදිහත්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 700 ක් තරම් වූ විශාල මුදලක් – මෙරට පාලන තන්ත්‍රයේ නොදැනුවත්කම හේතුවෙන් තෙවන පාර්ශ්වයක් අතට පත් වීමේ අවදානමක් ඇති බව සති අන්ත රාවය පුවත්පත වාර්තා කරයි.

ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, මෙවැනි නෞකාවක් සාර්ථකව ගලවා ගැනීමේ දී, එය ගලවා ගත් පාර්ශ්වයට ත්‍යාගයක් හිමි වේ.

නෞකාව ගලවා ගැනීම සදහා වැඩි වෙහෙසක් දරා ඇත්තේ ශ්‍රී ලංකා රජය වුවත්, මේ වන විට, සිංගප්පූරු සමාගමක්, ගැලවුම්කාර පාර්ශ්වය ලෙස නෞකාවට පැමිණ ඇති බැවින්, ලංකාවට ලැබිය යුතු ත්‍යාග මුදල ඔවුන් වෙත යෑමේ අවදානමක් ඇති බව පැවසේ.

ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, අපේ මුහුදු සීමාවේ දී අනතුරට පත්වන නෞකාවක් ගලවා ගැනීමේ වගකීම ශ්‍රී ලංකාවට පැවරේ. එබැවින් ගිනිගත් නෞකාව ගලවා ගැනීම වෙනුවෙන් අපට එම ත්‍යාග මුදල ලැබිය යුතුව තිබේ. නමුත්, සිංගප්පූරු සමාගමක් අතර මැද්දට පැමිණ ඇති බැවින් එම ත්‍යාග මුදල ලංකාවට අහිමි වන බව වෙළද නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා රාවය පුවත්පත සමග පවසා තිබේ.

කෙසේ වෙතත්, අදාල නැව මුදා ගැනීම සදහා ලංකාවට දැරීමට සිදු වී පිරිවැය අය කර ගැනීම සදහා හැකි ඉක්මනින් ආණ්ඩුව අධිකරණ ක්‍රියාවලියකට යොමු විය යුතුව ඇති බව, තවත් නීතීඥවරයෙක් පුවත්පත සමග පවසා තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad