'20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා.'- මැදගොඩ හිමි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

'20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා.'- මැදගොඩ හිමි.


20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී තමන් අපහසුතාවයට පත්වෙන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

20 වන සංශෝධනය ගැන ජනතාව විමසද්දී තමන් ඇකිලී යන ගතියක් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

අර්ජුවන මහේන්ද‍්‍රන් වැනි පිටරැටියන්ට රට සූරා කෑමට බැරිවීමට මෙන්ම දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හදන්න බැරි විය යුතු බවත් රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත් ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad