එජාපය සීසීකඩ වේ,නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

එජාපය සීසීකඩ වේ,නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු ඉවත් කරගෙන තිබේ.

ඊයේ පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ තම ලිපිගොනු ඉවත් ගොස් ඇත.

රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වී දිනක් ගත වීමට ප්‍රථම දිසානායක මහතා සිය කාර්යාලය ලිපිගොනු ඉවත් කර ගැනීම විශේෂත්වයක් දරයි.

දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අතර ඔහු ඒ බව අවස්ථා ගණනාවක ප්‍රසිද්ධියේ කියා සිටියේය.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad