කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි - මංගල සමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 19, 2020

කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි - මංගල සමරවීර

කොටි සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය වරයෙකු ලෙස තමන් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ බව හිටපු ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළ තමන් වැන්නෙකුට ත්‍රස්තවාදීන්ට තොරතුරු දුන්නේ යයි ආණ්ඩුවේ මාධ්‍ය විසින් සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ තමන් ද ඉදිරියෙන්ම සිටි බව පවසන මන්ත්‍රීවරයා ඊළමට එරෙහිව ප්‍රධාන සතුරෙකු ලෙස කොටි සංවිධානය විසින් තමන්ව හඳුනාගෙන සිටි බව ද සඳහන් කරයි.

කොටි සංවිධානය කොළඹ බෝම්බ පුපුරා හැරි අවස්ථාවේදී විදේශ ඇමතිවරයා ලෙස තමා ඒ මොහොතේ කළ කාර්යභාරය අද කාඩ්බෝඩ් වීරයන්ට අමතක වී ඇතැයිද ඔහු පැවසීය.

කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා ඔවුනට එන විදේශ ආධාර නැවැත්වීමට වැඩිම වැඩකොටසක් ඉටු කෙළේ තමන් ඇමති විදේශ ඇමති ලෙස සිටින කාලයේ දී බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ දී ප්‍රභාකරන් විසින් කළු කොටි දිනය අමතමින් තමන්ව අංක එකේ සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කළ බෞද්ධ මංගල සමගර මහතා තව දුරටත් පැවසීය. 


No comments:

Post a Comment

Post Bottom Ad