රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති ඡන්දය දිනා ගත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කෝටි 10 බැගින් ලබා දීමෙන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොදුජන පෙරමුණේ සිටින මෝඩයන් ටික හොඳට අඹරා ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ තවත් බොහෝ දේ ඉගෙන ගත යුතුව ඇති බවත් පවසන ඔහු සජිත් ප්‍රේමදාස තවමත් පරිණත දේශපාලනඥයෙක් නොවන බවද ඔහු එහිදී කියා සිටී.

No comments:
Post a Comment