මරණ දඬුවම නියමවී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම සම්බන්දයෙන් අදත් පාර්ලිමේනතුව උණුසුම් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

මරණ දඬුවම නියමවී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම සම්බන්දයෙන් අදත් පාර්ලිමේනතුව උණුසුම් වෙයි



මරණ දඬුවම නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයෙකු ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීම සම්බන්ධව අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා.


මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට අදාළව කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ කෝපා හෙවත් රජයේ ගිණුම් කාරක සභාව සඳහා නම් කළ සාමාජිකයින් කථානායකවරයා විසින් අද ප්‍රකාශයට කළා.


එම කාරක සභා සඳහා සාමාජිකයින් විසි දෙදෙනා බැගින් ඇතුළත් වන අතර, ස්ථාවර කාරක සභාව සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් නම් කිරීමද අද පාර්ලිමේන්තුවේදී සිදුවුණා.


ඒ අනුව කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන නම් කර තිබෙනවා.


රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජයන්ත සමරවීර, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, සරත් වීරසේකර, නාලක ගොඩහේවා, ඩී.වී. චානක, අජිත් නිවාඞ් කබ්රාල්ද ඊට ඇතුළත්.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, ප්‍රේමනාත් සී දොළවත්ත, ශානක්‍යා රාසමානික්කම්, මහාචාර්ය චරිත හේරත් සහ එස්. එම්. මරික්කාර් ද කෝප් කමිටුව නියෝජනය කරන සාමාජිකයින් වනවා.


එසේම පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් වෙනුවෙන් වන ශෝක යෝජනාව විවාදයට ගැනීමද අද පාර්ලිමේන්තුවේදී සිදුවනවා.

No comments:

Post a Comment

Post Bottom Ad