බෝගම්බර බන්ධනාගාරය යළි පවරා ගන්නැයි ජනපති උපදෙස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

බෝගම්බර බන්ධනාගාරය යළි පවරා ගන්නැයි ජනපති උපදෙස්

හනුවර, බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා බවයි.

මේ අතර බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට රැඳවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා ගොස් තිබෙනවා. එසේ නමුත් බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැඳවූවන් 11,000 කට පමණ සංඛ්‍යාවකට යැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. රැඳවූවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවට අනුව පෙරේදා (09) වන විට රැඳවූවන් සංඛ්‍යාව 30,054ක් සිටින බව සඳහන්.

මේ අතරින් 28,469 දෙනෙක් පිරිමි රැඳවූවන් වන අතර කාන්තා රැඳවුවන්ගේ සංඛ්‍යාව 1,585ක් වේ. අභියාචනා ඉදිරිපත් කළ රැඳවුවන් 1,404 දෙනෙක් මෙන්ම අධිකරණයේ දී විභාග වන නඩු වෙනුවෙන් 21,439 දෙනෙක්ද මේ අතර වෙති. එමෙන්ම වරදකරුවන් වී සිටින රැඳවූවන් සංඛ්‍යාව 7,211 දෙනෙකි.

රැඳවූවෝ අතර ළදරුවෝ හතළිස් අට දෙනෙක්ද මව්වරුන් සමග වවන අතර එම වාර්තාවට අනුව විදේශික රැඳවූ‌වෝ සංඛ්‍යාව එකසිය අනූපහක් වන අතර ඉන් එකසිය පනස් දෙදෙනෙක් පිරිමි රැඳවූවෝ වෙති. 


No comments:

Post a Comment

Post Bottom Ad