එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අයිති මටයි... මගේ අයිතිය මට ලැබිය යුතුයි - ජෝන් අමරතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අයිති මටයි... මගේ අයිතිය මට ලැබිය යුතුයි - ජෝන් අමරතුංග

ක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අයිති තමන්ට බවත් එජාප නායකයා විසින් නුදුරේදීම තමන්ව ඒ සඳහා පත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. 

"මට තමා අයිතිය තියෙන්නෙ. ඒක නායකතුමා තීරණය කරලා ඒ පත්වීම දෙන්න ඕනෙ. එතුමා යථා කාලෙදි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 

මම ඕක කෑකෝ ගහලා උදුරලා ගන්න යන්නෙ නෑ. මගෙ අයිතිය ඒ විදියට ලැබිය යුතුයි කියන ස්ථාවරයේ තමා මම ඉන්නෙ. 

අනිවාර්යයෙන්ම මම සූදානමින් ඉන්නෙ. මම අවුරුදු 42ක් හිටියා අඛණ්ඩව පාර්ලිමේන්තුවේ. තව අවුරුදු තුන හතරක් ඉන්න එක මට ඒ හැටි කාරණයක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ජෝන් අමරතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

එක්සත් ජාතික පක්ෂයෙහි ජාතික ලැයිස්තුවෙහි අංක 1 වශයෙන් නම සඳහන්ව ඇත්තේ ජෝන් අමරතුංග මහතාගේය.  


No comments:

Post a Comment

Post Bottom Ad