අද පාර්ලිමේන්තුව ගිනියම් කරන්න විපක්‍ෂය සැරසේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

අද පාර්ලිමේන්තුව ගිනියම් කරන්න විපක්‍ෂය සැරසේ !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට එරෙහිව විපක්ෂය විසින් අද දිනයේ සභා ගැබේ දැඩි විරෝධයක් ගෙන යෑමට තීරණය කර තිබේ.

මෙම විරෝධතාවය කවරාකාරදැයි වේලාසන මාධ්‍ය වෙත නොදැන්වීමට ඔවුන් තීරණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සමගි ජන බලවේග රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම තදබල විරෝධය දක්වන්නෙ කෙසේදැයි අද පෙරවරුවේ දී යළි සාකච්ඡා කිරීමට නියමිතය. 


No comments:

Post a Comment

Post Bottom Ad