හෙරොයින් සමග චීවරධාරියෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

හෙරොයින් සමග චීවරධාරියෙක් අත්අඩංගුවට

චීවරධාරියෙක් ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔවුන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 8950ක් සතුව තිබී ඇත.

හලාවත පාර නාවින්න මාර්ගයේ ගම්මානය පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේ දී මෙම චීවරධාරියා සහ සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම භික්‍ෂූව ඇතැම් අවස්ථාවල පැවිදි ආකාරයෙන් ද තවත් අවස්ථාවල ගිහියෙකු ලෙසින්ද කටයුතු කල අයෙකු ලෙස ද පෙනී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් භික්‍ෂුව කටුපොත, දමණුව අලංකාර සුමනසාර විහාරයේ වැඩ වසන භික්ෂුවකි.

No comments:

Post a Comment

Post Bottom Ad