චන්ද‍්‍රිකා ආණ්ඩු විරෝධි වේදිකාවට.. මුලින් ගෝලයන් යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

චන්ද‍්‍රිකා ආණ්ඩු විරෝධි වේදිකාවට.. මුලින් ගෝලයන් යවයි

20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහයෝගය හිමි වෙමින් තිබේ.

ඇය දැනටමත් එම විරෝධතාවන්ගේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කරගෙන ඇත.

ඇයගේ මෙහෙයවීමෙන් බිහි වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය ද මේ වන විට විපක්ෂය සමග සෘජුව කටයුතු කරමින් සිටී.

සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ නුදුරේදීම බිහි කිරීමට නියමිත පොදු වේදිකාවකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ගොඩවීමට නියමිත බවයි. 

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad