හන්තාන හෙලිපෙහෙලි කල කම්කරුවන් අත්අඩංගුවට ගත්තා - මධ්‍යම පරිසර අධිකාරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 22, 2020

හන්තාන හෙලිපෙහෙලි කල කම්කරුවන් අත්අඩංගුවට ගත්තා - මධ්‍යම පරිසර අධිකාරිය

නවිලුන්දාව රැම්සා තෙත් බිම් එළි පෙහෙළි කිරීමට අදාළව එහි ඒ මොහොතේ හඳුනා ගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කරන්නේ ඒ සඳහා උපදෙස් දුන්නේ යැයි පැවසෙන අදාල ප්‍රාදේශීය හිටපු සභාපතිවරයාගේ ද ප්‍රශ්න ප්‍රශ්න කිරීම සඳහා නියමිත බවයි.

හිටපු සභාපති වරයා තවදුරටත් පොලිසිය මඟ හරිමින් සිටින බවත් ඔහු හැකි ඉක්මනින් සොයාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන ලෙසටත් පොලිසියෙන් ඉල්ලීමක් කළ බවද ඔහු කියා සිටියේය.

එම හෙළි පෙහෙළි කිරීමට කිසියම් ඇමතිවරයෙක් සම්බන්ධද නැද්ද මේ මොහොතේ ප්‍රකාශ කල නොහැකි බවත් ඔහු පැවසීය.

හන්තාන රක්‍ෂිතය හෙලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට විරුද්ධව අධිකරණයේ නඩු චෝදනා ගොනු කර ඇති බව පැවසූ ඔහු එහි දී අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉඩම හෙළි පෙහෙළි කරමින් සිටි අයද බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad