විදේශයන්හි සිට මෙරටට පැමිණි ඇතැම් පුද්ගලයන් කරන ඉල්ලීම් මත මුදල් අයකිරීමේ පදනමින් හෝටල්වල නැවතී නිරෝධායන ඒ වෙද්දි ඔවුන්ට සපයන ආහාරවල යම් අඩුපාඩු ඇතැයි චෝදනා එල්ල වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මෙසේ ඔවුන්ගේ කැමැත්ත මත මුදල් ගෙවා නිරෝධයට වන පිරිස් මගින් යම් මුදලක් ඉපයීමට හෝටල්වලට අවස්ථාව දුන්න ද රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධානය වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔවුනට දන්වා ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.
කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයකින් එය පාලනය කර ඇතැයිද ඔහු කියා සිටියේ.

No comments:
Post a Comment