චොකා මල්ලි නිසා කතානායක හිරවෙයි ! පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට හෝ ඡන්දය දීමට අධිකරණයෙන් දන්වා නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 9, 2020

චොකා මල්ලි නිසා කතානායක හිරවෙයි ! පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට හෝ ඡන්දය දීමට අධිකරණයෙන් දන්වා නෑ !

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටියදී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා අභියාචනාධිකරණය විසින් අවසර දුන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වූ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අභියාචනාධිකරණය විසින් අවසර දී ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දීමට පමණක් බවයි.

නමුත් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වීම සහ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරයෙක් ලෙස ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ කතානායක වරයා බව අදාල අභියාචනාධිකරණ තීන්දුවේම සදහන්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා කතානායකවරයා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන ලෙස තීන්දුවක් ගත යුතු බවද ඔහු කියා සිටියේය.

මීට පෙර මරණ දඬුවම හිමිවූ කිසිවකු පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නැති බවත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ සැසිවාරයට සහභාගි වීමට අවස්ථාවක් ලැබී නැති බවත් පැවසූ ඔහු මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වනු ඇතැයිද කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad