ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි - විගස පුවත් - Vigasapuwath

Saturday, September 12, 2020

ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

20 වෙනි සංශෝධනය සම්මත වුවද නැතද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ හිමියෝ මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *