ජනපති ගෝටාභයගේ නායකත්යෙන් ලංකාව කොරෝනා පැරදුවා… WHO ලොවටම කියයි… ලංකාවේ ක‍්‍රමය ලොවටම කියන්න වීඩියෝවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 10, 2020

ජනපති ගෝටාභයගේ නායකත්යෙන් ලංකාව කොරෝනා පැරදුවා… WHO ලොවටම කියයි… ලංකාවේ ක‍්‍රමය ලොවටම කියන්න වීඩියෝවක්

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තම නවතම වාර්තාව නිකුත් කර ඇත.

තම සාමාජික රටවල් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන ලොවට අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වී තිබේ.

මෙම වාර්තාවේ 75 සිට 88 පිටු දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකාව වෛරස ව්‍යාප්තියට දැක්වූ ප්‍රතිචාරය වේගවත් සහ තීරණාත්මක බවත් එහි මනා සම්බන්ධීකරණයක් පැවති බවත් වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය හා සෘජු තීන්දු ගැනීම මේ සඳහා මහා පිටුවහලක් වූ බව ද වාර්තාවේ සඳහන්ය.

ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මර්දනය සාර්ථක වීමට බලපෑ සමස්ත රාජ්‍ය ප්‍රවේශය සම්බන්ධයෙන් වාර්තාව දීර්ඝ ලෙස පැහැදිලි කර තිබේ.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමෙන් නිකුත් කර ඇති නවතම වීඩියෝ පටයක ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදය ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad