මෛත්‍රීට රනිල්ට බරපතල දඩුවම් දිය යුතුයි... පාස්කු ප්‍රහාරයේ වගකීම ඔවුන් බාර ගත යුතුයි - සරත් ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 2, 2020

මෛත්‍රීට රනිල්ට බරපතල දඩුවම් දිය යුතුයි... පාස්කු ප්‍රහාරයේ වගකීම ඔවුන් බාර ගත යුතුයි - සරත් ෆොන්සේකා

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.

“පාස්කු ප්‍රහාරය ගැන කථා කරනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ. කැබිනට් එකේ හිටියා කියලා, අනිත් අයට බෑනේ ඒවට ඇඟිලි ගහන්න. ඒ දෙන්නට තමයි ඒක මෙහෙයවන්න වගකීම තිබ්බේ. අසාර්ථකභාවයක් තිබ්බානම් ඒකේ සම්පූර්ණ වගකීම ඒ දෙන්නා ගන්න ඕනේ. රටේ ආරක්ෂාව කියන එක රටේ ඉන්න හැමෝටම ඇඟිලි ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.“ යනුවෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පැවසීය. 


No comments:

Post a Comment

Post Bottom Ad