මුහුදු සීමාවෙන් යන්න හදනවා විමසිල්ලෙන් ඉන්න
කෙසේ නමුත් පොරොන්දු ප‍්‍රකාරව එකී හානි පූර්ණ වන්දිය ගෙවීමට පියවර නොගත් එම නැව් සමාගම අදාළ නෞකාව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමේ ප‍්‍රයත්නයක නිරත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නාවික හමුදාව ඇතුළු අදාළ අංශ වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
එම නෞකාව හිමි ‘එම්එස් ෆාර්මා එම්පෝරියස් ෂිපින් කෝපරේෂන්’ නමැති සමාගම වෙනුවෙන් එම මුදල නැව රක්‍ෂණය කර ඇති එංගලන්තයේ පිහිටි රක්‍ෂණ සමාගම විසින් ශ‍්‍රී ලංකාවට ගෙවීමට පසුගිය 24 වැනිදා එකඟ වී තිබුණි.
පොරොන්දු වූ ප‍්‍රකාරව අදාළ මුදල් මේ දක්වා ගෙවීමක් සිදුකර නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා හා නාවික හමුදාපතිවරයා ඇතුළු බලධාරීන්ට ඊයේ (01 දා) ලිඛිතව දැනුම් දී ඇත. එකී නෞකාවෙන් මහ මුහුදට එක්වූ ඉන්ධන නිසා සිදුවූ පරිසර ¥ෂණය සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡුා අවසන් කොට එකඟ වූ පරිදි වන්දි ගෙවීමෙන් අනතුරුව නැව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවෙන් බැහැර කිරීමට අවසර ලබාදිය හැකි බව ද සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නීතිපතිවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දී ඇත.
පොරොන්දු වූ ප‍්‍රකාර වන්දි මුදල් ගෙවීමෙන් අනතුරුව නැව ඉවත් කර ගැනීමට පියවර ගන්නා බව ද නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයෙක් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු වගකිව යුතු අංශ සමග සිදුකළ සාකච්ඡුාවේදී එකඟ වී තිබිණි.

No comments:
Post a Comment