බස් මගීන් ගේ තොරතුරු රැස් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 15, 2020

බස් මගීන් ගේ තොරතුරු රැස් කරයි




.කොවිඩ් වසංගතය හමුවේ පොදු ප්‍රවාහන බස් රථ වල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාවට  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හඳුන්වා දී තිබෙනවා. 


පසුගිය දිනවල කොවිඩ් ආසාදිත වූ  පුද්ගලයින් බවට හඳුනාගත් කීපදෙනකු පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් කර ඇති  බවටද තොරතුරු ලැබී තිබෙන බැවින් , මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම බස් රථ තුල දී වඩාත් හොඳින් සිදු කළ යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා.


 එම කටයුතු කොළඹ, ප්‍රධාන ප් රධාන බස් නැවතුම් පොළවල සිදු කරන ආකාරය අද  දිනයේදීත්  දැක ගන්නට ලැබුණා . මේ ආකාරයෙන් සියලු මගීන් ගේ  තොරතුරු සටහන්  ගැනීමට බස් රථයේ කොන්දොස්තරවරයා ට දැනුම් දී තිබෙනවා. 


සියලු මගින් බස්  රථ වලට ගොඩ වීමෙන් අනතුරුව ඔවුන්ගේ තොරතුරු සටහන් කරන ආකාරයත් මෙහි දී දක්නට ලැබුණා .


No comments:

Post a Comment

Post Bottom Ad