ලෝක ළමා දිනයදා සිසුන් පිරිසක් කසිප්පු බීලා . - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

ලෝක ළමා දිනයදා සිසුන් පිරිසක් කසිප්පු බීලා .

 

ලෝක ළමා දිනය දා (01 දා) අධික ලෙස කසිප්පු පානය කොට සූර් වී කැලෑ ප‍්‍රදේශයක වැටී සිටි බාලවයස්කාර පාසල් ළමුන් පිරිසක් ඉකුත් 01 දා පස්වරුවේ උස්සාපිටිය, වාකිරිගල ප‍්‍රදේශයේදී අරණායක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් බාලවයස්කාර පාසල් සිසුන් පිරිස පොලිස් ස්ථානයට රැුගෙන විත් සිටියදී ඉන් එක් සිසුවකුගේ පියෙකු අධික ලෙස මත්පැන් පානය කොට ත‍්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට කඩාවැදී සිය පුත‍්‍රයා රැුගෙන ආවාට විරෝධය පළ කරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් කෑකෝ ගැසීම නිසා ඔහුද අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාකිරිගල ප‍්‍රදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවෙකි. මෙම ජාවාරම්කරු නීති වීරෝධී කසිප්පු පෙරීම, විකිණීම, ළඟ  තබාගැනීම ඇතුළු නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් පෙර වැරැදි 14 ක් ඇති අයෙකි.

සිය පුත‍්‍රයා අත්අඩංගුවට පත්වීමත් සමග බීමත්ව ත‍්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට කඩාවැදී පොලිස් නිලධාරින්ට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම නිසා ඔහුද මත්පැන් පානය කර රිය ධාවනය කිරීම, පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම, අනතුරුදායක ලෙස රිය ධාවනය, පොලිස් අණ නොකතා ධාවනය යන චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (07 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. අරණායක පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. බුද්ධික පනාවෙල මහතාගේ  උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති පො.ප. හෙට්ටිආරචිචි මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් වැටලීම සිදු කළහ.

අරණායක - ප‍්‍රදීප් කුමාර ධර්මරත්න

-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad