කොරෝනා සේවිකාව සිටි ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ ‘සේවක නාමලේඛනයක්’ පොලිස් ස්ථාන වෙත - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

කොරෝනා සේවිකාව සිටි ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ ‘සේවක නාමලේඛනයක්’ පොලිස් ස්ථාන වෙත

නිවැසියන් ද සමඟ ස්වයං නිරෝධායනයට

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු ඇගළුම් ආයතනයක සේවය කරන කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව සමඟ එම ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුද්ගලයින් පිරිසකගේ නාමලේඛනයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ලේඛණයේ නම් ඇතුළත් පුද්ගලයින් අදාළ පොලිස් බලප‍්‍රදේශ තුළ පදිංචිව සිටී නම්, එම පුද්ගලයින් ඔවුන්ගේ නිවැසියන් ද සමඟ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට වහාම පියවර ගත යුත බවයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. ඒ අනුව මේවනවිටත් නිකුත් කර ඇති උපදෙස් අනුව ස්වයං නිරෝධායනයේදී ගත යුතු පියවර අනුගමනය කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

ඒ අනුව ස්වයං නිරෝධායනය වෙමින් සිටින පිරිසක් සිටින නිවසේ, අවවාද ඇතුළත් දැන්වීම් ඇලවීම, ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධීකරණය කර ගැනීම, අදාළ තැනැත්තන් සමඟ නිවැසියන් ඇතුළු සියලූ‍ දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීම, නිරෝධායන ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුවන්නේ දැයි පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු යෙදවීම හා නිරෝධායනය වන තැනැත්තන් පිළිබඳ සියලූ‍ විස්තර දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම අදාළ පුද්ගලයින් වහාම ස්වයං නිරෝධායන ක‍්‍රියාවලියට යොමු කිරීම නිසියාකාරව සිදුවන්නේ දැයි කොට්ඨාශ භාර නිලධාරීන් විසින් අධීක්‍ෂණය කළ යුතු වනවා. යම් පුද්ගලයෙකු අදාළ ලිපිනයේ නොමැති නම් ඔහු දැනට සිටින ලිපිනය පිළිබඳ අදාළ කොට්ඨාශ භාර නිලධාරියාව දැනුවත් කිරීම ද එහි දක්වා ඇති ලිපිනය අයත් කොට්ඨාශ භාර නිලධාරියාගේ වගකීමක් බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad