පාස්කු ප‍්‍රහාරයේ බෝම්බකරු ඉන්සාෆ් අහමඩ්ට යහපාලනයෙන් බිලියන 63ක තඹ දීලා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 27, 2020

පාස්කු ප‍්‍රහාරයේ බෝම්බකරු ඉන්සාෆ් අහමඩ්ට යහපාලනයෙන් බිලියන 63ක තඹ දීලා..

පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ රුපියල් බිලියන 63ක තඹ විදේවලින් ආනයනය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය. එ් සියලු තඹ තොග පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ඉන්සාෆ් අහමඩ් වෙත ලබාදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු එම තඹ තොග නැවතත් ප්‍රති අපනයනය කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ තොරතුරු හෙලි කළේය

No comments:

Post a Comment

Post Bottom Ad