සදුදා ඇදිරි නීතිය ඉවත් කරන්න යන්නේ කොරෝනා පාලනය වී නොවේ.. භයානක කම එසේමයි - වසංගත රෝග අංශ ප‍්‍රධානී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

සදුදා ඇදිරි නීතිය ඉවත් කරන්න යන්නේ කොරෝනා පාලනය වී නොවේ.. භයානක කම එසේමයි - වසංගත රෝග අංශ ප‍්‍රධානී

ස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය වීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත් කිරීමට නොහැකි හැකි නිසා මිස රෝග අවදානම ඉවත් වීම නිසා නොවන බව පවසන ඔහු එලෙස සංචාරණ සීමා අවම කර සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතු බව ක්‍රියා සිටියේයත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පලාතට බවත් කී ඔහු කොළඹ මහ නගර සභාවේ සීමාවේ රෝගීන් වැඩි වශයෙන් හමුවන බවද සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad