ආණ්ඩුවේ පක්‍ෂ 10ක් නැගෙනහිර ජැටිය විකිණිල්ලට විරුද්ද වේ.. කැබිනට් පත‍්‍රිකාව පරදන්න තීන්දු කරයි.. විමල්ගේ නිවසේ සාකච්චා තොරතුරු මෙන්න.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

ආණ්ඩුවේ පක්‍ෂ 10ක් නැගෙනහිර ජැටිය විකිණිල්ලට විරුද්ද වේ.. කැබිනට් පත‍්‍රිකාව පරදන්න තීන්දු කරයි.. විමල්ගේ නිවසේ සාකච්චා තොරතුරු මෙන්න..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ පාර්ශවයකට කොටසක් හෝ පත් කිරීමට විරෝධය පළ කරමින් ආණ්ඩුව දේශපාලන පක්ෂ දහයක් එකගතාවකට පැමිණ ඇත. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ දී ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයන් හමුවී මෙම එකගතාවයට පැමිණ ඇත.

ඒ සඳහා එකඟ කැබිනට් පත්‍රිකාවක් සදුදා දින ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ද ඔවුන් මෙහිදී සාකච්ඡා කරන තිබේ.

නැගෙනහිර පර්යන්තය විදේශ රටකට කොටසක් හෝ විකිණීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට මෙහිදී ඒකමතිකව තීන්දු කර තිබේ.

එම හමුව සදහා සහභාගී වූ පක්‍ෂ නියෝජිතයන් මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,
ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,
නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ,
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ,
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න,
යුතුකම කවයේ නායක ගෙවිඳු කුමාරණතුංග
අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි
ලංකා වතු කම්කරු සංගමයේ නියෝජිතයින්

No comments:

Post a Comment

Post Bottom Ad