වසර 8 ක් ගතවන තුරු ට‍්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වන ලකුණු - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 14, 2021

වසර 8 ක් ගතවන තුරු ට‍්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වන ලකුණු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගයට පක්‍ෂව එරට කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය නියෝජනය කරන රිපබ්ලිකන් මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව දෝෂාභියෝගය ඡන්ද 232 ට 197 ක් ලෙස නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේදී ඊයේ සම්මත වුණා.

එමගින් පෙන්නුම් කරන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු රටේ පැවැත්මට භයානක පුද්ගලයෙකු බවයි කතානායක නැන්සි පෙලෝසි පැවසුවේ. නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයෙන් සම්මත වු දෝෂාභියෝගය බලාත්මක වීමට නම් එය සෙන්ට් මණ්ඩලය හමුවේ සම්මත විය යුතුයි.

එහෙත් සෙනට් මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ට‍්‍රම්ප් නියෝජනය කරන පාලක රිපබ්ලිකන් පක්ෂය සතු බැවින්, ලබන 20 වනදා ජෝ බයිඞ්න් නව ජනාධිපතිවරණයා ලෙස දිවුරුම් දෙන තෙක්ම එම දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයේ සම්මත නොවනු ඇති බවයි පැවසෙන්නේ.

එහෙත්  කොංග‍්‍රස් මණ්ඩලයේ ඩිමොක‍්‍රටික් සාමාජිකයන්ට අවශ්‍ය වන්නේ ලබන 20 වනදාට පෙර ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ධුරයෙන් පහ කිරීමටයි. එහෙත් සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් මන්ත‍්‍රීවරුන් ඊට ඉඩ නොතබනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් දෝෂාභියෝගය සෙන්ට් මණ්ඩලය හමුවේදී සම්මත වුවහොත්, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට 2024 වසරේදී හෝ ජනාධිපතිවරණ සටනට පිවිසීමට නොහැකි වන පරිදි කටයුතු සම්පාදනය කිරීමටයි අමෙරිකානු නීති සම්පාදකයින්ගේ අවදානය යොමුව ඇත්තේ.

කෙසේවෙතත් අමෙරිකානු ඉතිහාසයේ අවස්ථා දෙකකදී දෝෂාභියෝගයට ලක්වුනු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉතිහාසගතව අවසන්. 


No comments:

Post a Comment

Post Bottom Ad