රටේ ළමා අපයෝජන, ළමා ගැබ්ගැනීම් වැඩිවෙලා... මෙහෙම නම් ආණ්ඩු කරලා වැඩකුත් නෑ - ඇමති පියල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 14, 2021

රටේ ළමා අපයෝජන, ළමා ගැබ්ගැනීම් වැඩිවෙලා... මෙහෙම නම් ආණ්ඩු කරලා වැඩකුත් නෑ - ඇමති පියල්

ද වනවිට රට තුළ ළමා අපයෝජන සහ ළමා ගැබ්ගැනීම් වැඩිවී ඇති බවත් රටේ දරුපරපුරේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් ආණ්ඩු කිරීමෙන් ද ඵලක් නොමැති බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. 

"අද වෙනකොට ළමා අයයෝජන සංඛ්‍යාව වැඩිවෙලා. ඊට පස්සෙ ළමා හිංසනය වැඩිවෙලා. ළමා ගැබ්ගැනීම් වැඩිවෙලා. ගැබ්ගත්ත පොඩිම දරුවාගෙ වයස අවුරුදු 11යි. ඊට පස්සෙ වීදි දරුවෝ. ඊළඟට විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ. මේ දරුවො මම හොයලා බලනකොට මේ දරුවෝ විශෙෂ අවශ්‍යතා තියෙන දරුවො නෙවෙයි විශේෂ හැකියාවන් තියෙන දරුවො ටිකක් මේ ඉන්නෙ. 

ඉතිං ඒ නිසා මං හිතන්නෙ මේ දරු පරපුර පිළිබඳව අපි බලන්න ඕනෙ. හැබැයි අර දරුවෝ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නෙ නැත්නම් අපේ මේ කමිටු තිබිලා, අපි මේ විදියට ආණ්ඩු කරලා මොනදේ කළත් වැඩක් නෑ. 

දවසකට ඔය ළමා නිවාසෙකට දෙන මුදල ... ඒ මුදල අන්තිම අවම මුදලක් තියෙන්නෙ. මේ මුදල වැඩිකරන්න වෙනවා. එක දරුවෙකුට රුපියල් 50ක වගේ මුදලක් තමයි දවසකට වියදම දෙන්නෙ. මේ වියදමෙන් කරන්න බෑ. ඒක නිසා තමයි බාහිර පුද්ගලයො සම්බන්ධතා ගොඩනඟන්න හදන්නෙ" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (12) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad