ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින් - අර්ජුන - විගස පුවත් - Vigasapuwath

Friday, January 29, 2021

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින් - අර්ජුන

ර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් ක‍්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරයි.

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.

ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *