සඳුදා ආණ්ඩුවට තීරණාත්මකයි - විගස පුවත් - Vigasapuwath

Friday, January 29, 2021

සඳුදා ආණ්ඩුවට තීරණාත්මකයි

ඳුදා (01දා) දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි. මීට හේතු වී ඇත්තේ එදින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි’ සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබීමය.

මේ සම්බන්ධයෙන් දැනටමත් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, සුළු පක්‍ෂ කිහිපයකුත් විරෝධය පළකොට ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධානීන් ප්‍රසිද්ධියේම කියා සිටියේ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවකි.

ඒ අනුව සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර, ඇතැම් පාර්ශ්වයන් සඳහන් කර සිටින්නේ වරාය වෘත්තීය සමිති එකමුතුව මේ වන විට නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබීම හේතුවෙන් බොහෝ දුරට මෙම කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ ඉදිරිපත් නොවීමටත් ඉඩ ඇති බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *