මෛත‍්‍රීට දඬුවම් දී ශ‍්‍රීලනිපයත්, 2/3ත් අහිමි කර ගැනීමට සූදානම් බව ආණ්ඩුව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 25, 2021

මෛත‍්‍රීට දඬුවම් දී ශ‍්‍රීලනිපයත්, 2/3ත් අහිමි කර ගැනීමට සූදානම් බව ආණ්ඩුව කියයි

ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ රදවා ගෙන ආණ්ඩුවේ 2/3 රැක ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිය ක‍්‍රියාත්මක නොකර සිටින්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. පාස්කු බෝම්බ කොමිසමෙන් නිර්දේශ කර ඇති පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතාටත් නම් කර ඇති සෙසු පුද්ගලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

මෙම ආණ්ඩුවේ 2/3 රැුකගැනීමට ඔවුනට නීතිය ක‍්‍රියාත්මක නොකලහොත් ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවේ 2/3 අහිමි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම රජය පත් කිරීමට ඡන්දය ලබා දුන් ජනතාවගේ එක් බලාපොරොත්තුවක් වූයේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දීම බවද ඔහු පෙන්වා දෙයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad