හමුදාවේ 28කට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග… මානව හිමිකම් මහ කොමසාරිස් ජිනිවාහිදී දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

හමුදාවේ 28කට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග… මානව හිමිකම් මහ කොමසාරිස් ජිනිවාහිදී දැනුම් දේ !

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 28කට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ තීරණයකර ඇත.

ශ‍්‍රී ලංකා රජය මගේ වාර්තාව ඉවත දැමුවා. ඒ නිසා අධිකරණ ක‍්‍රියාමාර්ග ආරම්භ කළා යැයි මිචෙලි බැෂලේ 24 දා මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47කට දැනුම් දුන්නාය.

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා ප‍්‍රධානීන් අතර ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර සිල්වා මහත්වරු ද වෙති.

මෙම අධිකරණ ක‍්‍රියාමාර්ග යටතේ යුරෝපා රටවලට සහ ඇමෙරිකාව, කැනඩාව යන රටවලට ඉහත කී හමුදා නිලධාරීන් පැමිණියහොත් අත්අඩංගුවට ගනු ඇත.

මිචේලි බැෂලේ ගත් මෙම තීරණයට ජර්මනිය දැනමටත් එකගවී තිබේ.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගේ මෙම තීරණය නිසා චෝදනා එල්ල වූ හමුදා නිලධාරින්ගේ විදේශ ගමන් බිමන් අවහිර වී ඇත.

රජය යුද අපරාධ ගැන සෙවීමට දොර වැසුවා. පරීක්‍ෂණවලත් බාධා කළා. යැයි ඇය දැඩි ස්වරයෙන් ප‍්‍රකාශ කර තිබේ.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad