“අනේ දෙයියන්ගේ පිහිටයි! මට යන්න දෙන්න කෝ” – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

“අනේ දෙයියන්ගේ පිහිටයි! මට යන්න දෙන්න කෝ” – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුනු විමර්ශණයට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළි නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය පිළිබඳ කරුනු විමර්ශණයට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීම මගින් බලාපොරොත්තු වූ අරමුණුු ඉටුවී නොමැති බවට නිගමනය කරමින් සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දක්වා ඇති කරුණු සැළකිල්ලට ගෙන මෙම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ.

හිටපු ජනාධිපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කරගනිමින් මෙම වාර්තාවේ කොටස් සැකසී ඇති බව නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.

ඒ අතර මේ සම්බන්ධයෙන් ඊයේ පවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම අවසානයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමට උත්සහ කළ අතර ඒ මහතා එම ස්ථානයෙන් පිටව ගියේ “මට යන්න දෙන්නකෝ, දෙයියන්ගේ පිහිටයි මට යන්න දෙන්නකෝ” යැයි පවසමින්


No comments:

Post a Comment

Post Bottom Ad