මහින්දානන්දත් නඩුවෙන් නිදොස් කොට නිදහස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 24, 2021

මහින්දානන්දත් නඩුවෙන් නිදොස් කොට නිදහස් !

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුව වෙත එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad