සමගි ජන බලවේගය නියෝජනය කරන සන්ධානගත පක්ෂ දෙකක නායකයින් දෙපළක් රජයේ ඉහළතම නායකයෙක් මුණ ගැසීමේ සූදානමකින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා වේලාවක් ඉල්ලා ඇති මුත් තවමත් ඊට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාර ලැබී නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රජයේ ඉහළතම නායකයා මුණගැසී රජයට සහාය දීමට තමන් තුළ තිබෙන කැමැත්ත ප්‍රකාශ කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද වාර්තා වේ.
මේ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවත් සමඟ එකතු වී සිටින සුළු ජාතික පක්ෂ නියෝජිතයින් තමන්ට ආණ්ඩුව ඉතා හොඳින් සලකන බව ප්‍රකාශ කිරීම මෙම දෙපළගේ දේශපාලන තීන්දුවට හේතු වී තිබේ.
මෙසේ රජයේ ඉහළම නායකත්වයක් මුණ ගැසීමට සූදානමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ කම්කරු ජනතා එකමුතුවේ නායක පලනි දිගම්බරම් යන මහත්වරුන් බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

No comments:
Post a Comment