අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනියන්න කාදිනල්ට තියන උවමනාව මොකද්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 23, 2021

අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනියන්න කාදිනල්ට තියන උවමනාව මොකද්ද?

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කවුද, එම ප්‍රහාරය පිටුපස සිටියේ කවුද මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කවුද යන්න පිළිබඳව රටේ ආරක්ෂක අංශවලට මනා අවබෝධයක් තිබෙන බවත්, ඒ අනුව ආරක්ෂක අංශ පිළිබඳව විශ්වාසය තැබීම හැර රටේ ප්‍රශ්න ජාත්‍යන්තරය හමුවට ගෙනයෑම කිසිසේත් අනුමත නොකරන බවත් මාගල්කන්දේ සුදත්ත හිමි‍යන් පවසනවා.

සුදත්ත හිමි මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමෙන් සාධාරණය ඉටු නොවීම නිසා ජාත්‍යන්තරය හමුවට යන බවට මැල්කම් රංජිත් කාදිනල්තුමා සිදුකර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

එදා මුස්ලිම් අන්තවාදය ‍පිළිබඳව ඥානසාර හිමි ඇතුලු ‍භික්ෂූන් වහන්සේලා හෙලිදරව් කරන විට ඒ පිළිබඳව කාදිනල්වරයා අවබෝධයෙන් කටයුතු කළේ නම් ඔහුට පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවත්, එදා සාම කුරුල්ලන් ලෙස කටයුතු කළ ඔවුන්ට අද එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇති බවත් සුදත්ත හිමි පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැවින් වත්මන් ජනාධිපතිවරයාට එම කොමිසමේ නිර්දේශ පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ හෝ පූර්ණ අයිතිය තිබෙන බවද මාගල්කන්දේ සුදත්ත හිමි අවධාරණය කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad