මෛත්‍රීගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරීන්ට වැඩ වරදී! ඇමති සරත්ගෙන් පොලිස්පතිට නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

මෛත්‍රීගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරීන්ට වැඩ වරදී! ඇමති සරත්ගෙන් පොලිස්පතිට නියෝගයක්

පෑලියගොඩ පොලිසියේදී නීති ශිෂ්‍යයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද(26) පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පොලිස් ස්ථානයක් තුල මෙවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ සකකරුවෙකු බැලීම සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගිය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට පහරදීමෙන් පසු ඔහු රාගම රෝහලට ඇතුලත් කර තිබේ.

මිගාර ගුණරත්න මහතා සඳහන් කරන්නේ තමන් නීතිඥයන්ගේ සේවාදායකයෙකු වෙත ආහාර රැගෙන ගිය අවස්ථාවේ පොලිසියේ පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් තමන්ට පහර දුන් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad