ශ්‍රීලනිපයට වාරණ නියෝගයක් - දයාසිරි, මහින්ද වගඋත්තරකරුවන් ලෙස නම් කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 25, 2021

ශ්‍රීලනිපයට වාරණ නියෝගයක් - දයාසිරි, මහින්ද වගඋත්තරකරුවන් ලෙස නම් කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. උපාලි චන්ද්‍රසේන මහතා වෙනුවට වෙනත් අයෙකු අදාළ ‍ප්‍රාදේශීය සභාව සඳහා නම්කිරීම තාවකාලිකව වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග නිකුත් කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූ සම්මන්ත්‍රණ දෙකකට සහභාගීවීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබිණි. 

උපාලි චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ සභාපති සංජය ගමගේ යන මහත්වරු වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම වාරණ නියෝගය මාර්තු මස 10 වනදා තෙක් බල පැවැත්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad