සහරාන්ගෙන් ලැබුණු බුද්ධි තොරතුරු මොනවාද ? ඒ ගැන ඇයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න නොකළේ ? - (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 25, 2021

සහරාන්ගෙන් ලැබුණු බුද්ධි තොරතුරු මොනවාද ? ඒ ගැන ඇයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න නොකළේ ? - (Video)

පාස්කු ප්‍රහාරයට සැබෑ නායකත්වය ලබාදුන්නේ කවුද, ප්‍රහාරයේ මහ මොළකරු කවුද යන්න අනාවරණය කර ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කළ නමුත් එම කොමිසම හරහා අදාල කරුණු අනාවරණය නොවීම බරපතල ගැටලුවක් බව යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ නිරෝෂා අතුකෝරල මහත්මිය පවසන්නේ බුද්ධි තොරතුරු ලබාදෙන පුද්ගලයෙකු ලෙස සහරාන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කොමිසමේදී හෙලිදරව් නොවූ බවයි. සහරාන් බුද්ධි අංශ සමග සම්බන්ධ වී සිටි බවත්, ඔහු වැටුප් ලබා දී ඇති බවත් තහවුරු වී ඇති බව පෙන්වා දෙන නිරෝෂා අතුකෝරල මහත්මිය පවසන්නේ ඔහුගෙන් ලැබුණු බුද්ධි තොරතුරු මොනවාද යන්න පිළිබඳව අනාවරණය කරගත යුතුව තිබූ බවයි.

එපමණක් නොව ඒ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොමිසම සාක්ෂි විමසීමට කටයුතු නොකිරීමද බරපතල ගැටලුවක් බවය ඇයි පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad